සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කටාන කිඹුලපිටිය ප්‍රදේශයට අද දින හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගොඩ බැස්වූ ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා සඳහන් කරනුයේ නැවත දැනුම්දෙනතුරු එම සමාගම විසින් යොදාගෙන තිබූ සියලු ගුවන් ගමන් මේ අනුව අත්හිටුවන බවයි.
