Advertisement

ජල-විදුලි ගාස්තු ඉහලට
ඩීසල් 25කින් ඉහලට
රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි කියමින් බැසිල්ගෙන් කැබිනට් පත‍්‍රිකාවක්

විදේශ විනිමය අර්බුදය ඇතුළු මේ වන විට මෙරට පවතින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

මෙම විදේශ විනිමය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව චීනය, යන රටවල් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අදාළ සාකච්ඡා සඳහා ඇමතිවරයෙක් පත් කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙරට ලක්ෂ 14 කට අධික රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින බව ද රාජ්‍ය සේවකයන් හට 5000ක අතිරේක දීමනාව ලබා දීම සඳහා බිලියන 87ක අතිරේක වියදමක් සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 5000ක අතිරේක දීමනාව ලබා දීම සඳහා රුපියල් බිලියන 40ක අතිරේක වියදම් රජයට දැරීමට සිදුවන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම 3 වැනිදා පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි.

තවද පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.

බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත.

එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ.

- අරුණ සහ මුවුබිම පුවත්පත් ඇසුරෙණි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements