Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මරික්කාර්ගේ ආරාධනය පිළිගෙන සුසිල් සජිත්ගේ SJBට?

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ලොකු දෙයක් නොවන බවත් නීතීඥයෙකු වන තමන් නැවතත් හෙට දිනයේ සිට අධිකරනයේ රාජකාරියට යන බව රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය.


තමන්ට දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇදුනු බවද ඔහු කියා සිටියේය.

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතාට සමගි ජන බලවේගය හා එක්වන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආරාධනා කළේ ය.


අද (ජන. 4) දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් කළ අවස්ථාවේදී මරික්කාර් මහතා මේ ආරාධනාව සිදු කළේය.

මහජන නියෝජිතයෙකු තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම හේතුවෙන් ඇමතිකමින් ඉවත් කිරීම "සාධාරණ නොවන, සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවට හෙළා දකිනවා" යැයි ඔහු පැවසී ය.

ඔහු ප්‍රකාශ කළේ, "පොහොට්ටුව වැනි ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන පක්ෂයක තවදුරට ත් ඉන්න එපා" යනුවෙනි.

එබැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සඳහා ජනතාවගේ පැත්තේ හිට ගන්න සමගි ජනබලවේගයට එකතු වන්නැයි ලෙස ඔහු ආරාධනා කළේ ය.

මේ අතර ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව යන අමාත්‍යවරුන් ද රජය විවේචනය කර ඇති ආකාරය පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය.


ඊට පිළිතුරු දෙමින් මරික්කාර් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, "ඒ ගොල්ලෝ ඉතින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්තට ම හිටගන්න අය ද කියලා අපට සැකයක් තියෙනවා" යනුවෙනි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook