Advertisement

මරික්කාර්ගේ ආරාධනය පිළිගෙන සුසිල් සජිත්ගේ SJBට?

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ලොකු දෙයක් නොවන බවත් නීතීඥයෙකු වන තමන් නැවතත් හෙට දිනයේ සිට අධිකරනයේ රාජකාරියට යන බව රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය.


තමන්ට දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇදුනු බවද ඔහු කියා සිටියේය.

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතාට සමගි ජන බලවේගය හා එක්වන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආරාධනා කළේ ය.


අද (ජන. 4) දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් කළ අවස්ථාවේදී මරික්කාර් මහතා මේ ආරාධනාව සිදු කළේය.

මහජන නියෝජිතයෙකු තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම හේතුවෙන් ඇමතිකමින් ඉවත් කිරීම "සාධාරණ නොවන, සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවට හෙළා දකිනවා" යැයි ඔහු පැවසී ය.

ඔහු ප්‍රකාශ කළේ, "පොහොට්ටුව වැනි ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන පක්ෂයක තවදුරට ත් ඉන්න එපා" යනුවෙනි.

එබැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සඳහා ජනතාවගේ පැත්තේ හිට ගන්න සමගි ජනබලවේගයට එකතු වන්නැයි ලෙස ඔහු ආරාධනා කළේ ය.

මේ අතර ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව යන අමාත්‍යවරුන් ද රජය විවේචනය කර ඇති ආකාරය පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය.


ඊට පිළිතුරු දෙමින් මරික්කාර් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, "ඒ ගොල්ලෝ ඉතින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්තට ම හිටගන්න අය ද කියලා අපට සැකයක් තියෙනවා" යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements