Advertisement

අපි 5000 සහන පැකේජ ජනතාවට දුන්නා ඒකෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියලා ඔප්පු වෙනවා

රජයට සහන පැකේඡ ජනතාව වෙත ලබා දීමට හැකි නම් රටේ ආර්ථිකය කඩා වැටීමක් නැතැයි ඔප්පු වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ .

නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා .

පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි.

රාජ්‍ය සේවකයන්ට වගේම රටේ සමෘද්ධිලාභීන්ටත් සහන ලබා දුන්නා . ගෙවතු වගාවට මුදල් වෙන් කළා . වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දුන්නා.

සෑම අංශයක්ම ආරක්ෂා වන ආකාරයට තමයි අපි මේ තීන්දු තීරණ ගත්තේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන කරන දේවල් නොවෙයි . මේවා රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ දී ලබාදෙන සහන.

විපක්ෂය අපෙන් ඇහැව්ව මොනවාද ජනතාවට ලබාදුන් සහන කියලා . අපි කියනවා මේවා තමයි ජනතාවට ලබා දුන් සහන . ජනවාරි 15 රටේ ආර්ථිකය වැටෙනවා කිව්වා .

නමුත් ජනවාරි 15 අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරනවා .

බැසිල් ඇමතිතුමා ආපුහාම රට විනාශ වෙනවා කිව්වා. එයා ආර්ථිකය වැටෙනවා කිව්වා.මේ සහන ලබා දීමෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියන එක ඔප්පු වෙනවා

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements