Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් තබයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුකෙරිණ.

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 2022.01.06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ.

එම නිවේදනය පහතින්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යයි.

01. ලංකා ඛනිජ තෙල් සංස්ථාව - ටැංකි 24යි.

02. ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම - ටැංකි 61යි.

(ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි)

03. ඉන්දියානු ලංකා තෙල් සමාගම - ටැංකි 14යි.

ඒ අනුව මෙම ටැංකි 99න් 85කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ. ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලදී. අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත විය. දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 9 වනදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් නිසා මේ එක් ටැංකියක් විනාශ විය.

1987 ජුලි 29 වන දින ඉන්දියානු අගමැති හා ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබීය.

නමුත් ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබුයේ ටැංකි 14 පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් පැවතිනි.

2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් - සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ විය. මාස 16ක් පුරා ඉන්දියාව සමඟ පැවැති සාකච්චා සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇති කර ගැනීමට හැකිවිය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook