Advertisement

අසූචි පොහොර නැවට මහජන බැංකුව චීනයට අද මුදල් ගෙවයි - ඩොලර් මිලියන ඩොලර් මිලියන 6.9ක්

ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද (07) දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

මහජන බැංකුව සදහන් කරන්නේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.

පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

චීන පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය මුලින්ම හෙළි කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් 9 වන දිනයි.

චීන සමාගම සහ මෙරට පාර්ශ්ව අතර හුවමාරු වූ මේ ලිපි අනුව අදාළ පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කර ඇත්තේ සැප්තැම්බර් 17 වැනිදායි. 

මේ අනුව, ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව මෙම පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රශ්න සහගත වුණා.

ඒ අතර වාරයේ සැප්තැම්බර් 12 වනදා චීන සමාගම මෙරට බලධාරීන්ට ලිපියක් යොමුකර තිබුණා.

එම ලිපියෙන් ඔවුන් දැනුම්දී තිබුණේ, ශ්‍රී ලංකාව සඳහන් කරන ප්‍රමිතියට කිසිවෙකුට කාබනික පොහොර සැපයිය නොහැකි අතර අවශ්‍ය නම් බැක්ටීරියා කිහිපයක ප්‍රමාණය තවදුරටත් අඩුකළ හැකි බවයි.

එයට අකමැති නම් සාමකාමීව තමන් තැන්පත්කර ඇති කාර්යක්ෂමතා බැඳුම්කරය ආපසු ලබා ගෙන ගනුදෙනුවෙන් ඉවත්වීමට ද චීන සමාගම කැමැත්ත පළ කර තිබුණා.

කෙසේ වෙතත් දෙවන වතාවටත් හිපෝ ස්පිරිට් නෞකාවේ ඇති පොහොර තොගයේ උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට තහවුරු වුණා.

එවන් පොහොර තොගයක් සඳහා චීනය සමඟ ඇති හොඳ හිත පළුදු කර නොගැනීමට අද මෙරට රජය මුදල් ගෙවීමට නියමිතයි.

බොහෝ කාලයක් දිවයින වටා මුහුදේ සැරි සරමින් තිබූ අදාළ පොහොර නෞකාව බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් දෙසැම්බර් 4 වැනි දා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements