සමගියේ පිපිරීමක් අත ලග? නායක සජිත්ට කුණු බැනුම් - කෘත්‍යාධිකාරිය උණුසුම්වෙයි - රටට ජෝක් වෙන්න බෑ කියයි | SJB
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
sajith
,
sjb
නායක සජිත්ට කුණු බැනුම්
කෘත්‍යාධිකාරිය උණුසුම්වෙයි
රටට ජෝක් වෙන්න බෑ කියයි
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුක්ත සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන්වරට පැවති අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාටත් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් දැඩි විවේචන එල්ල වී තිබේ.
සමගි ජනබලවේගයේ ඉදිරි පෙල මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිය කාලීන වශයෙන් වැදගත් නොවන බවත් පක්ෂයේ මිනිසුන් අතර විහිළුවක් බවට පත් වෙමින් ඇති බවත් කියමිනි.
ආණ්ඩු විරෝධී කිසිම වැඩක් සංවිධානාත්මකව සිදු නොකරන තැන තැන ගොස් විවිධ කතා පැවැත්වුවද මෙසේ දේශපාලනය කළ නොහැකි බවත් ඔවුන් පිරිස පෙන්වා දී තිබේ.
මෙම විවේචනයන් ඉදිරිපත් කළ පිරිස අතර කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර, අජිත් පී පෙරේරා, සරත් ෆොන්සේකා යන අය කැපී පෙනුණු බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
