ලංකා දේශපාලනය තුල දිනෙන් දිනම Gossip මැවෙමින් තිඛෙනවා. මේ දිනවලම නවතම ගොසිප් පුවත යන්නේ මෝඩ යකා ලොක්කාගේ ගිණුමට විදලා යන්නයි. එය මේ දිනවට උණු කැවුම් සේ සමාජ ජාලාතුල සැර සරමින් පවතිනවා.
ඒ මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වී ඇති බවයි.
අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.
නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.
මේ පිලිබදව හෙලිවූ වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.
මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල හුවමාරු විය.
දිනෙන් දින පුවත් මැවෙන ලංකා දේශපාලනයේ මෙයද තවත් ගොසිප් එකක් පමනක් විය හැකි බවද ඇතෙමුන් සමාජ ජාලා තුල සදහන් කර තිබුනි.
