රාජ්‍ය ඇමතිගේ පට්ටම ගලවන්නට යයි - බුද්ධි අංශ වාර්තා කැදවා ධූරයෙන් නෙරපීමේ සූධානමක්
gossip
,
gossip lanka
,
gossipmain
,
hot gossip
,
hot news
,
News
,
Politics
රාජ්‍ය ඇමතිගේ පට්ටම ගලවන්නට යයි
බුද්ධි අංශ වාර්තාවක් කැඳවා රාජ්‍ය ඇමතිවරයෙකු සිය ධූරයෙන් නෙරපා දැමීමට සූධානමක් ඇකැයි වාර්තාවනවා.
ඒ නීතියෙන් බේරීමට විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයෙකු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවා ගෙන ආ බවට පසුගියදා චොදනා එල්ල වින.
එසේ චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ව්‍යාපාරිකයා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයන අවස්ථාවේ රටින් පිටව ගොස් සිට ඇති අතර පසුව අදාළ දේශපාලකයන් හරහා පැමිණ පොලිසියට භාර වී තිබිණි.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස ලබා ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමගද සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර සිදුවීම පිළිබඳව බුද්ධි අංශ වාර්තාවක් කැඳවා කැඳවීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව දැඩි තීරණයක් ගනු ඇතැයි ද ඇතැම් විට එම රාජ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉවත් කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
