රනිල්ගෙන් ආණ්ඩුවේ වැඩකට සහය - බාධා කරන එපා යැයි කියයි
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
Lakvahini
,
News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යාමට ආණ්ඩුව දරන උත්සාහයට බාධා නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සඳහා සියලු පාර්ශව මේ මොහොතේ සහාය ලබා දිය යුතු බවද වික්‍රමසිංහ මහතා පැවසුවේ ඊයේ (29) පුත්තලම බෙතනි (Bethany 101) බංගලාවේ සමාජ නිර්මාණශීලී කණ්ඩායම සමග පැවති කතිකාවතේ දී අදහස් දක්වමිනි.
එමෙන්ම මෙම ‘බෙතනි බංගලාව’ යනු මීට පෙර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා පවා සිය ප්‍රථම අභ්‍යන්තර සාකච්ඡාව පැවැත්වූ ඓතිහාසික ස්ථානයකි.
විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්නය විසඳීමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා ආණ්ඩුවට වෙනත් විකල්පයක් මෙම අර්බුදය හමුවේ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් පසුගියදා වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.
යහපාලන ආණ්ඩුව සමයේද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය බවත් අසීරු මොහොතවල් වල අප එම අරමුදලට ගිය නමුත් කිසිදු බලපෑමක් රටට සිදු නොවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන්නේ රටක මූල්‍ය විනය හා ප්‍රජාතන්ත්‍රවාදී කාරණා බවද ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
