Featured News

Video Gossip

Advertisement

ඕස්ට්‍රෙලියාවේදී දරු දෙදෙනාත් මරා දිවි නසා ගත් ලාංකිකයා ඉන්දික
[වීඩියෝ]

ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් මියගියේ එකම පවුලේ 4 හැවිරිදි දියණිය , 6 හැවිරිදි පුතු හා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකික පියාය. ගිනිකොනදිග පර්ත් උප නගරයක් වන හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ පිහිටි ඔවුන්ගේ නිවසේ ගරාජය තුළ ඉන්දික සියදිවිනසාගෙන තිබූ අතර ඊට පෙර දරුවන් දෙන්නා නිවස තුළ ඔහු විසින් මරාදමා තිබුණි.

මෙම ඝාතනයන්ට හේතුව පවුල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු ඉන්දිකට ඇතිවූ මානසික පීඩන තත්වයක් වියහැකි බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය දැනට වාර්තාකර තිබේ.
වෘත්තියෙන් නාගරික සැලසුම් ශිල්පියෙකුවූ ඉන්දික ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධය. ඔහුගේ ගීත යූටියුබ් ඔස්සේද ප්‍රචාරයවී තිබේ. ඔහු ඕස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක හා විවාහවී සිටි බවත් දරුවන් දෙන්නෙකුද ලද පසුව ඇතිවූ ගැටලු වලින් පසු ඇය වෙනම ජීවත්වූ බවත් පැවසේ. ඝාතනයන් සිදුවූ බව කියන දිනයේ දරුවන්ට මව මුණගැස්වීමට අධිකරණයෙන් නියම කරතිබූ දිනය වූ අතර නියමිත පරිදි දරු දෙන්නා නොපැමිණීම නිසා ඔවුන් වාසය කළ නිවසට ඕස්ට්‍රෙලියානු මව ගොස් විපරම් කිරීමේදී මෙම ඝාතන හා සියදිවි නසාගැනීම් දැක තිබේ.

ඒ අනුව ඇය සිද්ධිය පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී තිදෙනාම ඒවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන තිබෙයි.

දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බරයේ දී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.

මානසික ආතතිය දිවි නසා ගැනීමට මුල් වන බව ද එහි සඳහන්ව ඇති කරුණක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements