Featured News

Video Gossip

Advertisement

අවංක නොවූ ඇතින්නගේ තුන් කොන් පෙම් පල හිලවුව නිසා දළ පූට්ටුවාට තුවාල

තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑ බද ප‍්‍රදේශයේ රැදී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

කලාවැව ජාතික වනෝද්‍යානයේ තුන්කොන් ප්‍රේමයක් හේතුවෙන් ඇතුන් දෙදෙනෙකු අතර ඇති වූ මේ සටනින් ඇතා තුවාල ලබා ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

බොහෝ අවස්ථාවලදී සිය සහකාරිය තෝරා ගැනීමට යාමේදී අලි ඇතුන් අතර මෙවැනි ද්වන්ධ සටන් ඇතිවීම ස්වාභාවික තත්ත්වයක් බව ද වනජීවී නිලධාරීහු කියති.
මෙලෙස තවත් ඇතෙකුගේ පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිටි දළ පූට්ටු ඇතෙකි.

මින් දින කිහිපයකට ඉහතදී එම ඇත් පොරය ඇතිවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. අනෙක් ඇතාගේ පහර දීමෙන් මෙම මහසෙන් ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල හට ගෙන තිබේ.

තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙළවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම හේතුවෙන් සටන්වලදී මෙම ඇතාට අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති.

මෙලෙස තුවාල ලැබූ දළ පූට්ටු ඇතා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන්ද පිටව ගොස් කැකිරාව, මිරිස්වත්තේ කැලෑබද ප්‍රදේශයක සැරිසරමින් සිටී.

තුවාලලත් එම ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ගනේවල්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් පෙරේදා (24) පස්වරුවේ සිදුකරනු ලැබීය.

එම ඇතා නිර්වින්දනය කිරීමෙන් පසුව මෙසේ ප්‍රතිකාර සිදු කෙරිණි.

තුවාල ලබා සිටින මෙම දළ පූට්ටු ඇතා කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පන්තියේ වෙසෙන දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව සිටින ඇතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.

තුවාල ලබා සිටින දළ පූට්ටු ඇතාගේ වයස අවුරුදු 40ක් පමණ වන බවත් ඇතා බේරා ගැනීමට හැකියාව පවතින බවත් වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements