Featured News

Video Gossip

Advertisement

මහින්දගේ ගිණුමේ කොටි තුනකට විද්දේ උදිත් ලොකුබණ්ඩාරයි 
මහින්දගේ අත්සන හොරට ගහලා ATM කාඩ් එකක් අරන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප් ලැඛෙන ගිනුමෙන් මුදල් ලේකම් වරයෙකු විසින් හොර රහසේ ලබාගෙන ඇති බව Gossip 99 අප පසුගිය දින පැවසුවා. ඒ උදිත් ලොකු බංණ්ඩාර විසින් බව මේ වන විට මාධ්‍ය වෙත අනාවරණය වී තිඛෙනවා.

මේවන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාර අතුරුදන්ව ඇතැයිද වාර්තා වනවා.

ඔහු ලංකාවෙන් පැන ගොස් ඇති බවට ද වාර්තා පළ වනවා.

ඔහුට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම එල්ල වී ඇති චෝදනාවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පපතක් භාවිත කරමින්.

අදාළ ගිණුමෙහි තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි වාර්තා වන්නේ.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements