මම ආයෙ ගමට එනවා - ජනපති කියයි | Gotabaya Rajapaksa
gossip
,
gossip lanka
,
gossipmain
,
Gotabaya Rajapaksa
,
hot news
,
News
,
Politics
ගම සමග පිළිසඳර යලිත්
ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කරල ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම අපේක්ෂාව ඇතිව ක්‍රියාත්මක කරනු ලැබූ ගම සමග පිළිසඳරක් වැඩසටහන යලි ආරම්භ කරන බව ජනාධිපතිවරයා බවසා තිඛේ.
එය කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මොනරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ඊයේ (07දා) පැවැසීය.
“මම ගම සමග පිළිසඳරක් වැඩසටහන අරන් ගමට ගියා. කොවිඩ් නිසා ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න බැරි වුණා.
සෑම පළාතකම රාජ්‍ය ආයතනවලට මම එනවා. මහජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ සේවය ලබා දිය යුතුයි.”
