ඩොලර් නෑ - නොරොච්චෝලෙට ගල්අගුරු නෑ - හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේ | POWER CUT SRI LANKA
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
power cut
හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේ
අද (ජන. 9) දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නමුත් විදේශ විනිමය අර්බුදය මත ගල් අඟුරු විදුලි බලාගාර පවත්වාගෙන යාමද ගැටළුකාරී වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නේ ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවුවද ඒ සඳහා කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් නොවන බව ද ඔහු පැවසීය.
මේ තත්ත්වය මත නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදනයට යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙමින් ඇත.
මෙරට විදුලි ඉල්ලුමෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිපදවීමේ හැකියාම නොරොච්චෝල බලාගාරයට ඇත.
හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය
හෙට (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් විදුලිය කප්පාදුවකට අනුමැතිය ලැබෙන බවයි.
මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දෙමින් ඇති බවයි.
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලය සැපයීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.
