Advertisement

ශ‍්‍රී ලනිප සියළු ඇමතිවරුන් ඉවතට

මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට
මෛත්‍රීට රිටර්න් එකක් දෙන්න පසුපෙළ පොරයක්

සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපා දමනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් ඇමති ධුර දෙකක් සහ රාජ්‍ය ඇමති ධුර දෙකක් දැනට රජය තුල දරමින් සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් උත්සාහයක නිරත වන බවයි.

ආණ්ඩුවේ සිටින එකතු කරගෙන විපක්ෂයේද පිරිසකගේ සහාය ලබමින් විපක්‍ෂයේ බහුතර බලය ලබාගෙන මෙම ධුරය ලබා ගැනීම සඳහා සැලසුම් කරමින් ඇතැයිද එම වාර්තාවන් කියා සිටී.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද ඒ සඳහා ලබාගැනීමට සාකච්ඡා සිදුවෙමින් ඇතැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

මෛත්‍රීට රිටර්න් එකක් දෙන්න පසුපෙළ පොරයක්

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව පැවති ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සටහන් වී ඇති තොරතුරු අධ්‍යයනය කර ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගතයුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වෙයි.

පසුගිය දා මාතලේ පැවැති ශ්‍රී ලනිප පාක්ෂිකයන්ගේ රැස්වීමකදී සිරිසේන හිටපු ජනාධිපතිවරයා රජයට ප්‍රහාරයක් එල්ල කරමින් කළ සැර කතාව ගැන රජයේ මැති ඇමතිවරුන් සාකච්ඡා කර තිබෙන අතර පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ඉහත යෝජනාව ඉදිරිපත් කරන්නට යන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. සිරිසේන මහතාට එරෙහිව කිසියම් පියවරක් නොගැනීම නිසා කාදිනල්තුමාගේ විරෝධය ප්‍රකාශ වීම ගැන ද මේ සාකච්ඡාවලදී සඳහන් වූ බව ද දැන ගන්නට තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ එම සැර කතාවෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එය විවේචනයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කර තිබූ අතර ඉකුත් 5 වන දා මහනුවරදී පැවති රැස්වීමකදී රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබුණේ, පොල්ල තියලා යන්න කලින් මෛත්‍රී එළවන්න කියායි.

ඉන්දියානු ඔත්තු සේවා මගින් දහදොදාළොස් වතාවක් දැනුම් දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුළ මරණයට පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී බව ද රාජ්‍ය ඇමති අමුණුගම ප්‍රකාශ කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements