Port Cityයේ ඡායාරූප ගන්න චීන බැංකුවකට මුදල් ගෙවන්න වෙයි - ගාස්තු මෙන්න
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Port City
Port Cityයේ ඡායාරූප ගන්න චීනය බැංකුවට මුදල් ගෙවන්න වෙයි -
ගාස්තු මෙන්න
ගාස්තු මෙන්න
කොළඹ වරාය නගරය ( Port City) තුළ ඡායාරූපකරණ සහ රූපගත කිරීමේ කටයුතු කිරීම සඳහා අය කරන ලබන ගාස්තු එහි නිල වෙබ් පිටුවේ පළ කර තිබේ.
ඒ අනුව,
පෞද්ගලික කාණ්ඩය යටතේ පුද්ගලයින් 2-3 අතර සංඛ්‍යාවකට පැය 1-3 කාලයක් සඳහා ඡායාරූප ගැනීමට අය කරනු ලබන මුදල රුපියල් 30,000කි.
පුද්ගලයින් 10 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා 1-3 කාලයක් සඳහා අය කරනු ලබන මුදල වෙනස් විය හැකි බව ද එහි සඳහන්.
කෙසේ වෙතත්, පෞද්ගලික කාණ්ඩය යනු කුමක් ද? යන්න එහි පැහැදිලි කිරීමක් කර නැහැ.
මේ අතර,
වාණිජ අරමුණින් සිදු කරනු ලබන ඡායාරූප සහ රූපගත කිරීමේ කටයුතු සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට අඩු පිරිසකට පැය 1-3 අතර කාලයක් වෙනුවෙන් අය කරනු ලබන මුදල රුපියල් 100,000 ක් වනවා.
එම කාණ්ඩය යටතේ පුද්ගලයින් 10 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා 1-3 කාලයක් සඳහා අය කරනු ලබන මුදල වෙනස් විය හැකි බව එහි සඳහන් කර ඇත.
අදාළ ඡායාරූපකරණ සහ රූපගත කිරීමේ කටයුතු කිරීම වරාය නගරය වෙන් කර ගැනීම සඳහා අයැදුම් පත්‍රයක් ද එහි පළ කර තිබේ.
අදාළ මුදල් Bank of Chinaහි කොළඹ ශාඛාවට බැර කළ යුතු වේ.
ගාස්තු පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ.
