Featured News

Video Gossip

Advertisement

රාගම වෙද්‍ය සිසුන්ට පහරදීම ගැන චෝදනා එල්ල වූ ඇමති අරුන්දිකගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගනී

රාගම වෙද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන්ට පෙරේදා (පෙබ. 1) දින අලුයම පිරිසක් විසින් සිදු කරන ලද පහර දීමකින් වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ත් එක් සිසුවෙකු මීගමුව රෝහලට ත් ඇතුළත් කර තිබිණි.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මෙය සිදු වී ඇති අතර ඊට පිටස්තර පුද්ගලයෙකු ද සම්බන්ධ බව පොලිසිය සඳහන් කර තිබිණි.

මේ අතර පොලිසිය විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වයස අවුරුදු 23ක් වන රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමැති ඔහු ඊයේ (02) රාත්‍රියේදී නීතීඥයෙකු මාර්ගයෙන් රාගම පොලිසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අදාළ පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේදී රාගම පොලිසිය විසින් භාරයට ගනු ලැබ ඇත.

ඒ අනුව, මේ වන විට සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 7කි.

මෙම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements