Featured News

Video Gossip

Advertisement

බෑන් කී මූන්ගේ ඇරයුම පිළිගත් මෛත්‍රී සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට කොරියාවට

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි. 

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) අලුයම සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. 
ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා. 

දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් බලාපොරොත්තුවෙන් සිටි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි. 

සමීර ද සිල්වා



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements