Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ඉල්ලීම නිසා රේගුවේ රන් තොගයක් නිදහස් කරයි

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන පහළොවක් වටිනා රත්රන් තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කරන ලද අභියාචනයක් පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කර ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව CUS/APP/11/2023 දරන අභියාචනය පරිදි අදාළ රන් භාණ්ඩ තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවැති අදාළ බදු අයකර ගැනීම මත නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.​ නෝනිස් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට 

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන කලා පවුලකි. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි.

ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි. ඇය වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා කිව්වොත් හරි. පසුව ඉන් ඉවත් වීටික කාලයක් නිහඩව සිටි ඇය නැවතත් අපට නිර්මාණ වලින් දකින්න ලැබෙනවා.
බිම වැටුන වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන රෝගියා  රෝහලට  

තියුණු ආයුධයකින් තම වෘෂණ කෝෂ දෙක කපා ගත් පුද්ගලයෙකු එම කැපී බිම වැටුන වෘෂණ කෝෂ දෙක සමගින් රෝහල්ගත කර තිබේ.

පොල්පිතිගම මූලික රෝහලට මෙසේ ඇතුළු කුර ඇත්තේ කුඹුක්ගැටේ පොලිස් වසමේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පොල් කඩන්නට භාවිතා කරන කැත්තකින් වෘෂණ කෝෂ වෙන් වෙන්නට කපා ගෙන ඇති අතර එහිදී ලේ වහනය නවතා ගැනීමට නොහැකි වීම මත පවුලේ අය විසින් වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන රෝහල්ගත කර තිබේ.
ධනුෂ්ක ගැන නායක දසුන් ශානක ලංකාවට ඇවිත් කියපුදේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.
අපි මෙතනට ගෙනත් දාල යන්නෙ ඇයි 
ජනතාව කොළඹට ගෙනත් අතරමන් කර  හූ හඬ මැද පැන දුවන සජිත්ට අඅලි ලොක්කාගෙන් නෝන්ඩියක්

පක්ෂ නායකවරයා ඇතුළු පිරිස් විසින්ම සංවිධානය කරන ලද විරෝධතාවයක දී එම ජනතාව විසින්ම විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් ම අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය මෙවන් ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙවන් බාල වැඩ වලට කැමති නැති බවත් පැවසීය.
BOC සභාපති දූෂිත බවත් ඔහු ධූරයෙන් ඉවත් කරන  ලෙසත් බල කරමින් දිවයින පුරා බැංකු සේවකයෝ වීදි බසිති 

ලංකා බැංකුවේ වත්මන් සභාපති කාංචන රත්වත්තේ මහතා බැංකුව තුල මහජන මුදල් අවභාවිතා කරමින් දූෂිත ක්‍රියා සිදුකරමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.මෙම සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර බැංකුව තුල සිදුකර ඇති දූෂිත ක්‍රියා සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකරන ලෙස බලකරමින් දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගර වල දහවල් 12.30 සිට 1.30 දක්වා උද්ඝෝෂණ ව්‍යාපර දියත් කර ඇත.

මෙම උද්ඝෝෂණ සඳහා දිවයින පුරා බැංකු සේවකයින් විශල පිරිසක් සහභාගීවී ඇති අතර ලබන 26 සිකුරාදා දිනයේදී කොළඹ ලේක් හවුස් වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ලංකා බැංකු සේවක සංගමය පවසයි.
බෑන් කී මූන්ගේ ඇරයුම පිළිගත් මෛත්‍රී සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට කොරියාවට

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි. 

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) අලුයම සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍යධූරයක දිවුරුම් දී තිබේ.

ඒ මහතා දිවුරුම්දී ඇත්තේ මුදල් මුදල් අමාත්‍ය ධූරයේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements