Featured News

Video Gossip

Advertisement

මම උඹට ආයෙ කියන්නෙ නෑ
කුඩු පට්ටම් වෙන්න ගහනවා
සනත් නිශාන්තගෙන් ලන්සාට තර්ජන
හඬ පටයක් එළියට එයි


ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දුරකතනයෙන් බැන වදින හඩ පටයක් මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

මෙම හඬ පටයේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට තර්ජනය කරමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සංවර්ධන වැඩ කටයුතු කිහිපයක් නතර කරන ලෙසටයි.
එකී හඬ පටයේ සංවාදය මෙසේය.‘ඔයා ෆෝන් කට් කෙරුවට කමක් නෑ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේරම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. කුඩු පට්ටම් වෙන්න ගහනවා.

මම උඹට ආයෙ කියන්නෙ නෑ නිමල් ලන්සා මම ආයෙ කියන්නෙ නෑ මතක තියාගනින්ග උඹට මං කියන එක අහගෙන ඉන්න බෑනෙ.

හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගලක් තියෙනවා. රනවරාපිටිය නවත්වනවා නම් නවත්වපන්.

හෙට ඒක තිබ්බොත් මම හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගනින්. මම ආයෙ කියන්නෙ නෑ’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements