Featured News

Video Gossip

Advertisement

ගම්පහ ප්‍රසිද්ධ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්

ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක කාන්තා වැසිකිළියේ කැමරාවක් සවි කර තිබීමේ සිද්ධියට අදාළ ව එහි පන්ති පැවැත්වීම තහනම් කිරීමට අද පියවර ගන්නා බව පොලීසිය පවසයි.

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියන් සහභාගී වන මෙම උපකාරක පන්තියේ සිසුවියක විසින් වැසිකිළිය තුළ සවි කර තිබූ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණයක් දැක ඒ බව උපකාරක පන්තියේ ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු මවුපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇතැයි ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසීය.
එම වැසිකිළිය තුළ සවිකර තිබූ නවීන තාක්ෂණ උපකරණය මගින් ජංගම දුරකතනයක් හෝ පරිගණක යන්ත්‍රයක් උපයෝගී කරගෙන වැසිකිළිය තුළ සිදුවන දෑ සජීවීව නැරඹීමට හැකියාව ඇති බවට ගම්පහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බවට ගම්පහ පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

මේ වන විට එම උපකාරක පන්තියේ ගොඩනැගිලි හිමිකරු ඇතුළු 15 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ත් එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් විභාගයට පෙනී සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ත් ගම්පහ පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, ස.පො.අ. (01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ත් එම උපකාරක පන්තියේ වැසිකිළියක් තුළ සවිකර තිබූ නවීන තාක්ෂණික උපකරණය වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇති බව ත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements