නිවසට ගල් මුල් වැදුනා මදිවට පොලිස් ඇමතිගේ පුතාගෙන් චමුදිතට එරෙහි ෆේස්බුක් මඩක්.
දුරකථනයෙනුත් තර්ජනය කරලා
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රහාරය එල්ල කර ඇති පිරිස තවම සොයා ගැනීමට නොහැකි වූ බව චමුදිත සමරවික්‍රම කියා සිටියා.
ඊයේ 14 අලුයම 2.10 ට පමණ වහළට යම් ප්‍රහාරයක් එල්ල වු බවට ඇසුණු ශබ්දයක් සමග ඔහු එය පරීක්ෂා කර තිබේ.
එහිදී නිවසේ ජනෙල් බිඳී ඇති අයුරු දක්නට ලැබු බවත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබු බවත් චමුදිත පැවසීය.
සිව්දෙනෙකුගෙන් යුත් නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් වාහනයකින් පැමිණ තමා සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් මුහුණු සම්පූර්ණයෙන් වසා සිටින අතර ඔවුන් නිවසට ඇතුළු වන අයුරු නිවසේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන්ව තිබුණි.
අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තමාට තර්ජනය කිරීම් සිදුකළ බව ද ඒ මහතා පැවසීය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු චමුදිත සමරවික්‍රම මහතා,
“අවස්ථා කිහිපයක දී දුරකථන මාර්ගයෙන් සිදුවු තර්ජනයන් ගැන හෙළි කරලා තිබුණා. නමුත් මේ මට්ටමේ සිදුවීමක් ඇති වෙච්ච පළමු අවස්ථාව. මම නිරන්තරයෙන් පෙනී සිටියේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් සහ රටේ තැන් තැන්වල සිදුවන දුෂණ හා අක්‍රමිකතා හෙළි කිරීම උදෙසා නමුත් මෙවැන්නක් එල්ල වුණේ ඇයි. මොකද්ද බලාපොරොත්තුව අපේ හඬ නතර කරන්නද, නිහඬ කරන්නද කියන කාරණය ගැන අවබෝධයක් නෑ. කවුද ප්‍රහාරය එල්ල කරේද යන්න ගැන අදහසක් නෑ. නමුත් කවුරුන් හෝ බලාපොරොත්තු වුණා නම් ඒ කරගෙන ආ කටයුත්ත නිහඬ කරන්න, ඒ මාධ්‍ය මෙහෙවර නිහඬ කරලා හඬ යටපත් කරන්න. ඒක කිසිසේත් සිදුවෙන්නේ නැති බව පණිවුඩයක් ලෙස දෙන්න කැමතියි.”
මේ අතර නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා පවසා සිටියේ, “ඇවිල්ලා ගේට්ටුව සද්ද කරනවා ඇහුණා මට. මම ළඟට ගියා. මට වචනයක්වත් කතා කරන්න හම්බ වුණේ නෑ. ඒ ආව එක්කෙනෙක් ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිල්ලා මගේ බෙල්ලෙන් අල්ල ගත්තා. පිස්තෝලේ පෙන්නලා ඇතුළ ට අරන් ගිහින් පුටුවේ වාඩි කරා. මගේ ගාඩ් එකට එක්කෙනෙක් තියලා තුන්දෙනෙක් තමා දැක්කේ එයාලා මේ පැත්තට ආවා.” යනුවෙනි
මේ අතර පොලිසිය භාර ඇමති සරත් වීරසේකර මහතාගේ පුත්‍රයාගේ ෆේස්බුක් ගිණුමෙහි ” ගල් වලට සහ අසූචි වලට අපාහාස කළ අය හෙලා දකිමු… ” යනුවෙන් පෝස්ටුවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුල පළ කර තිබුණි.
සමාජ ජාලවල එහෙම එම සටහන සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
දැනට මාස කිහිපයකට පෙර නිරෝධායකට ලක් කරන ලද ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ ඇඳුම් මෑණියන් ගෙන ගොස් ඇති ලබාදී තිබුණේ එම අමාත්‍ය පුත්‍රයා බවට එකල මාධ්‍ය වාර්තා පළ විය.
අමාත්‍යවරයාගේ පුත්‍රයා පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් රෝහලේ සේවය කරයි.

ඒ පිලිබදව සමාජ මාධ්‍ය තුල විරසේකර මහතාගේ පුත්‍රයාගේ හැසිරීම පිළිබදව දැඩි විවේචන එල්ල වි තිබුනි