ජනාධිපති රටින් පලා යන්නේ නෑ - ඉල්ලා අස්වන්නෙත් නෑ - මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි
gossip
,
gossip lanka
,
Gotabaya
,
hot news
,
kingsly rathnayaka
,
News
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රතික්ෂේප කරයි.
ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම පැවසීය.
ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඔහු සදහන් කලේය.
ජනපති හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවයි
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
හෙට පස්වරු 6.00ට පමණ අරලියගහ මන්දිරයේ දි අදාළ රැස්වීම කැඳවා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.
රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
පස්වරුවේ පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමට පෙර හෙට පෙරවරුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබේ.
එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.