Featured News

Video Gossip

Advertisement

තෙල් - ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න විතරයි ඩොලර් උවමනා වෙන්නෙ

ශ්‍රී ලංකාවට ඩොලර් උවමනා වන්නේ තෙල් හා ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න පමණක් බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. ඒ සඳහා ඩොලර් ටික සොයා ගත්තම ප්‍රශ්නය අවසන් බව ද හෙතෙම පැවසීය.

මේ වන විටත් මෙරට මුදල්වලින් ගමේ පාරවල් හදමින් රට සංවර්ධනය කරමින් ඇතැයිද ඔහු පැවසීය. ජන හමුවක් ඇමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුණත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.

“මේ රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි පොදුජන පෙරමුණ නිර්මාණය කරලා යහපාලන නඩෙන් මේ රට බේර ගත්ත නායකයා,කොරෝනා වසංගතය ඇතිවීම , ඉන්ධන පෝලිම් පැවතීම, ඩොලර් හිගයක් ඇතිවීමට, රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමට එතුමා පලි නැහැ.

උදය ගම්මන්පිල කටයුතු කරන්නේ ඔහු මේ රටේ බල ශක්ති ඇමතිවරයා බව නොදැනයි, තමන්ට විෂය පථයක් භාර දුන් පසු එයට අදාල දේවල් තමයි කරන්න ඕනේ. අඩු පාඩුවක් තියෙනවා තියෙනවනම් කැබිනට් මණ්ඩලය හෝ රටේ නායකයා එක්ක සාකච්ඡා කරන්න ඕනේ.

එහෙම නැතුව උදේ හවස විදුලිය කපන වෙලාව, ආයේ විදුලිය ලැබෙන වෙලාව, තව මාස තුන කට විදුලිය නැහැ, මාස හයකට විදුලිය නැහැ, කියලා ජනතාව බිය ගන්වලා පෝලිං ඇති කරන එක නෙවෙයි වගකීම.

රජයේ ආර්ථික අර්බුදයක ඉන්නේ, මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න එකතු වෙලා ඉන්න ඕනේ. ආන්ඩුවේ පක්ෂවල අයගේ වගකීම තමයි එකතු වෙලා ප්‍රශ්නවලට උත්තර සොයා ගැනීම. එහෙම තියෙද්දි ආණ්ඩුවේ පිරිසක් වෙනම ගිහින් සම්මේලන පවත්වලා විරුද්ධ පක්ෂය කරන්න ඕන දේවල් ආණ්ඩුව තුළ ඉඳගෙන කිරීමෙන් වෙන්නේ විරුද්ධ පක්ෂයේ අයට ආයුධ ලබා දීමයි. මෙය සදාචාරාත්මක ද දේශපාලනයට ගැලපෙන දෙයක් නෙමෙයි.

– ලංකාදීප

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements