Featured News

Video Gossip

Advertisement

උපන්දිනයට විනුට ලැබුන කෝටි ගානක් වටින තෑගී

එදා මෙදා තුර කලා ලෝකයේ ආදරණීය රුවැත්තියක විදියට හැඳින්විය හැකි ඇය අපේ රටේ සිටින ජනප්‍රිය වගේම ඉතාම සුරූපී නිලියක් . කළා ක්ෂේත්‍රය තුල සිටින සුන්දරම චරිතයක් සහ සුරතල් චරිතයක් විදියටත් ඇයව හඳුන්වන්න පුලුවන්. 

ඒ නිසාම විනුගෙ රඟපෑමට වගේම ඇයගේ සැබෑ ජීවිතය තුලත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබුුුනු ‌‌කෙනෙක් තමයි විනූ සිරිවර්ධන කියාලා කියන්නේ. 

ඔබේ ආදරණීය කලාකාරිනිය විනූ සිරිවර්ධන තමයි 2012 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නේ. 
ඉතින් ඊට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණු විනූ පළමුවෙන්ම රංගනයෙන් දායක වුණු නාට්‍යය තමයි, දෙරණේ පිපෙන මල් නාට්‍යය.

ඒ වුණත් විනූ කාගෙත් හිත් දිනාගන්නේ “තරුමලි” නාට්‍යය හරහා වන අතර, අද වන විට ‍වෙළඳ දැන්වීම් කිහිපයක සහ තවත් ටෙලි නාට්‍යයන්හි රංගනයෙන් විනූ දායක වී තිබෙනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ ඉතාමත් ජනප්‍රියත්වයක් වගේම ආකර්ෂනයක් ලැබී ඇති විනූ සිරිවර්ධන මෑතකදී ඉතා ප්‍රසිද්ධ ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයෙකු වන කසුන් ලියනගේ සමඟින් සුභ මොහොතින් අතිනත ගන්නවා.

ඇත්තෙන්ම ඔහු කෝටිපති තරුණයෙක් කිවුවොතින් නිවැරදියි. ඉතින් විනූ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි, “සැමියා කසුන් ගැන බැලුවෙ, ඇයව ආදරයෙන් බලාගන්න පුලුවන් ද කියන වග සහ සත්‍යය වශයෙන්ම ඇයට අවංකවම ආදරේ කරනවා ද යන්න ගැන”, කියලයි.

“කසුන් ඒ කියන්නේ මගේ ආදරණීය සැමියා මට හරිම ආදරෙයි වගේම, කසුන් හරිම නිවුණු ආදරණීය චරිතයක් මිත්‍රශීලි චරිතයක් නිතරම මං ගැන සොයා බලන චරිතයක් වගේම මගේ වැඩකටයුතු වලට ඔහුට හැකි පමණින් සහයෝගය ලබාදෙන, මාව හොඳින් තේරුම්ගත් උතුම් ස්වාමි පුරෂයෙක් තමයි කසුන් කියන්නේ.

ඉතින් මං හරි වාසනාවන්තයි කසුන් වගේ ස්වාමියෙක් මට ලැබී ම ගැන”, අන්න එහෙමයි විනූ ඇගේ ආදරණීය සැමියා කසුන් ගැන කියන්නේ.

ඒ වගේම කසුන්ගේ පොහොසත්කම ගැන නම් ඇය බැලුවේ නෑ කියලයි විනූ නම් කියන්නේ. කොහොම නමුත් විනූගේ විවාහයත් සමඟින් නම් ඇයව වැඩිය අපට නාට්‍යයන් මඟින් දක්නට නොලැබෙනවා.

කොහොම වුණත් විනූ නම් කියන්නේ ඇයව ටෙලි තිරයේ මේ දවස්වල දකින්ට නැති වුණත් නිරන්තරයෙන්, හරිම සතුටින් ආදරයෙන් විවාහ දිවිය ගත කරනවා කියල යි.

ඔන්න ඉතින් විනූ ගේ උපන් දිනය දා කසුන් විනූ ව සප්‍රයිස් කරලා තියනවා හරි අපූරුවට. ඒ තමයි “කෝටි ගාණක් වටින මෝටර් රථයක් කසුන් විසින් විනූ ට ඇගේ උපන් දිනය වෙනුවෙන්” ලබා දෙනවා.

ඉතින් විනූ කියනවා, ඇයට කිසිම මොහොතක අමතකම නොවෙන සිදුවීමක් තමයි ඒ”, කියලා.

අද වන විට විවාහයෙන් පසුව විනූ කලා ලොවේ දකින්නට නැති වුණත්, ඇගේ සැමියා කසුන් නම් කෙදිනක වත් විනූ ට රංගනයෙන් ඈත් වෙන්නට කියා තහංචි දාලා නම් නෑ කියලා තමයි ඔන්න ඉතින් ඔයාලා ගොඩාක් ආදරය කරන ආදරණීය රංගන තාරකාවිය විනූ සිරිවර්ධන කියන්නේ නම්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements