Featured News

Video Gossip

Advertisement

ලංකාවෙන් ඩොලර් බිලියන 19ග9 ක් නීති විරෝධීව පිට කරලා 
රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි

‘ගෝඨා ගෙදර යනු, 20 අහෝසි කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු’ මැයෙන් 43 සේනාංකය විසින් (7) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් අමෙරිකානු තානාපති කාර්‍යාලය අසළට පිරිස පැමිණි අතර, 43 සේනාංකය නායක, පාඨලී චම්පික රණවක මහතා එහිදී රැස්ව සිටි පිරිස ඇමතීය.

“මේ රටේ අද තිබෙන ගැටළුව සතියකට දෙකකට ඩොලර් ටිකක් තෙල් ටිකක් ඉල්ලගෙන විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි. අපි එදා 2014 දි කිව්වා මේ පවුල රටේ දේපළ කොල්ල කාලා තියෙනව කියලා, නමුත් එතකොට අපිට නොයෙක් චෝදනා කළා දේශද්‍රෝහියො ජාතිද්‍රෝහියො කියලා. නමුත් අද රටේම ඉල්ලීම රාජපක්ෂලා කොල්ලකාපු දේපළ අපේ රටට දෙන්න කියන එකයි. රටේ ජනතාවගෙ දරුවන්ගෙ දේපළ කොල්ලකාලා ඇමරිකාවට පැනලා ගිහිල්ලා සුවසේ ජීවත්වෙන්න රාජපක්ෂලට ඉඩ දෙන්න බෑ. රටේ දේපළ කොල්ලකාපු එක එකා දැන් රටෙන් යනවා. ජනාධිපති අගමැති කියනවා අයින් වෙන්න බෑ කියලා. ඒත් ව්‍යවස්ථානුකූලව ඒ අයව අයින් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්.
පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිව ගෙදර යවන්න. ජනාධිපතිගෙ බලතල කපන්න 19 වෙනි සංශෝධනය වගේ එකකින්. දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරලා දඬුවම් දෙන්න. 113 ඉන්නවනම් ජනාධිපතිගෙ වැය ශීර්ෂය කපලා දාලා එතුමව එතුමගෙ මිරිහානෙ පුද්ගලික ගෙදරට සීමා කරලා තියන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නවනම් අර ඉස්සර සෙල්ලම් කරන්න දින 52 වගේ සැලුන් දොර ඇරලා ඒවට අපි ඉඩ දෙන්නෙ නෑ.

පවුල්වාදය නැතිව අධ්‍යාපනයෙන් ඉහළට ආපු මේ රටේ සියළුදෙනා ව්ෘත්තීයවේදීන්, පරිපාලන නිලධාරීන් ආදී කුසලතා පරපුරට අපි ආරාධනා කරනවා මේ රට බාරගන්න කියලා. පාර්ලිමේන්තුවට පුළුවන් ඇමැතිවරුන්ගේ බලතල ගන්න. පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යාංශ කිහිපයකට එකතු කරලා රාජපක්ෂලව එළියෙ තියලා මේ රට කරගෙන යන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.”

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්‍යාලය වෙත පෙත්සමක් බාර දීමට ද පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 43 සේනාංකය පිරිස කටයුතු කරනු ලැබිණ.

එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ලෝක අවංකභාවය පිළිබඳ වාර්තාව (Global Financial Integrity Report) අනුව 2005 සිට 2013 දක්වා ලංකාවෙන් ඩොලර් බිලියන 19.9 ක් නීති විරෝධී ලෙස පිටතට ගොස් ඇති බවය. ඒ අනුව සෑම වසරකම ඩොලර් බිලියන 1.9 ක් ශ්‍රී ලංකාවෙන් පිටතට ඇදී ගොස් ඇති අතර, ඊට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ එවක පාලකයන් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බවත්, රාජපක්ෂවරුන්ගේ පවුල්, ඥාතීන් අමෙරිකාවේ විශාල වත්කම් ප්‍රමාණයක් තබාගෙන සිටින බවත්, රාජපක්ෂවරු ශ්‍රී ලංකාව තුළ කිසිම ව්‍යාපාරයක යෙදුනු අය හෝ වෘත්තිකයන් ලෙස කටයුතු කළ අය නොවන බැවින් ඔවුන් මේ සා ධනයක් දේපළක් රැස්කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව පෙඩරල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ. මෙම වත්කම් ශ්‍රී ලංකාවෙන් සොරාගත් ධන‍යෙන් උපයාගත් බවට තහවුරු වුවහොත් එම වත්කම් තහනම් කිරීමට කටයුතු කරන ලෙසත්, නැවත එම ධනය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements