Advertisement

40%කින් ඖෂධ වර්ග 60ක මිල ඉහළට

ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ලැබේ.

ඒ යටතේ, පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4යි ශත 16ක් වනු ඇති අතර ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83යි ශත 71ක් වනු ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements