Advertisement

අන්තර්වාර රජය යනු කුමක් දැයි මුලින්ම ජනාධිපතිවරයාගෙන් දැනගත යුතුයි
පොහොට්ටුවෙන් ජනපතිට පහරක්ද..?

ක්‍රියාත්මක කිරීමට සූදානම්වන අන්තර්වාර රජය යනු කුමක් දැයි මුලින්ම ජනාධිපතිවරයාගෙන් දැනගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

ඊට සම්බන්ද වන්නේද නැද්ද යන්න ඊට පසු තීරණය කල හැකි බවද පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

අන්තවාර පාලනය ආණ්ඩුක්‍රම ව්‍යස්තාවේ නැති අලුත් සංකල්පයක් බවත් එනිසා එය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් ද පක්ෂයක් ලෙස මුලින්ම දැන ගත යුතු බවද හෙතෙම කියා සිටී.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් දැනුවත් කරනු නැතැයිද කී මහ ලේකම්වරයා ඉදිරියේදී ජනාධිපති හමුවේ ඒ පිළිබඳව අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

පක්ෂයේ මෙම ස්ථාවරය ජනාධිපති ගේ අදහසට විරුද්ධ වූවක් නොවන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන්ට විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට එකඟවීම සාධනීය තත්ත්වයක් බවත් පවසන ඔහු අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව ගැන පක්ෂයේ විශේෂ අවධානය යොමු කර ඇතැයි ද තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements