විරෝධතාවට රඹුක්කන පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් විරෝධතාකරුවෙක් මරුට
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
විරෝධතාවට රඹුක්කන පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් විරෝධතාකරුවෙක් මරුට
රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළේ, අදාළ පුද්ගලයාගේ උදර ප්‍රදේශය තුවාල වී තිබූ බව ය.
වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුවන්නට ඇති බවට සැක කරන බව අධ්‍යක්ෂවරිය පැවසුවා ය.
කෙසේ වෙතත්, මරණයට බලපෑ නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගත යුතු බව ඇය පැවසීය.ඇය සඳහන් කළේ, වෙඩි වැදී තුවාල සිදුවූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට රෝහලට ඇතුළත් කර ඇති බව ය.
ඉන් දෙදෙනෙකු මේ වන විට සැත්කම් සඳහා යොමු කර ඇති බව ද ඇය පැවසුවා ය.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ඔවුන් විසින් පොලිසියට ගල් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති බව ය.
එම අවස්ථාවේදී පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව ඔහු පැවසීය.
විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ඔහු පැවසී ය.