Featured News

Video Gossip

Advertisement

ක්‍රීඩා ඇමැති කැඳවූ සාකච්ඡාව මහේල සහ සංගක්කාර වර්ජනය කරයි

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 වෙනිදා) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන මහතා සහ එම සභාවේ හිටපු සාමාජික කුමාර් සංගක්කාර මහතා සහභාගි වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරු 10.30ට පමණ පවත්වන ලද එම සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණි.ඔවුන් දෙදෙනා මේ වන විට අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ පුහුණු කාර්යය මණ්ඩලයට අනියුක්තව කටයුතු කරමින් සිටින නිසා සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන්ව අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණද ඔවුන් දෙදෙනා එම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී නොමැති අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වා ගෙන ගොස් ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනකු ඒ සඳහා සම්බන්ධ වී ඇති අතර හිටපු නිලධාරීන් නැවත ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඇමැතිවරයා එහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසීමට ලක් කර ඇත.

නිලධාරීන් සියලු දෙනා මේ සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැති හෙයින් සියලු දෙනාගෙන් ඒ සඳහා පුද්ගලිකව අදහස් විමසීම වඩාත් උචිත බව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ඇමැතිවරයාට පිළිතුරු සපයා ඇත.

ඒ අනුව ඇති කර ගත් එකඟතාවය මත සාකච්ඡාව අවසන් වී තිබෙන අතර ඉදිරියේ දී ඊට අදාළ කටයුතු ඇමැතිවරයා විසින් සිදු කෙරෙණු ඇති බව වාර්තා වේ.

කුෂාන් සුබසිංහ
– දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements