Featured News

Video Gossip

Advertisement

ගෝල්ෆේස් Go Home Gota අරගල කරුවන් අත්අඩංගුවට ගෙන විරෝධතාව විසුරුවාලීමේ උත්සාහයක්

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් පොලිස්පති තුමා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01.

ශ්‍රී ලංකා යුද හමුදාව යොදාගනිමින් ගාලු මුවදොර අබියස පැවැත්වෙන #gotagohome සාමකාමි විරෝධතාව විසුරුවා හැරීමට සූදානම් වීමක් සම්බන්ධයෙනි

පසුගිය 09 වනදා සිට ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් සාම්කමීව ගාලු මුවදොර අබියස පවත්වමින් සිටින #gotagohome සාමකාමි විරෝධතාවය බලය යොදා එහි අරගල කරුවන් අත්අඩංගුවට ගෙන විසුරුවාලීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මා හට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැන ගැනීමට ලැබී ඇත.

මෙය සත්‍යයක් වන්නේ නම්, වහාම පොලිස්පති වරයා ලෙස එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් මා ඉතා දැඩිව ඉල්ලා සිටී.මහජනයා විසින් පවතින ආණ්ඩුව විවේචනය කිරීම ඔවුන් සතු අයිතියක් වන අතර එවැනි අයිතියක් බලය යොදා, හමුදාව යොදා යටපත් කිරීමට මිලිටරි පාලනකදී හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල සිදු කල නොහැක.

ඒ අනුව මා මෙම ලිපියෙන් ගරු පොලිස්පති තුමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ශ්‍රීලංකා හමුදාව යොදවා යම්කිසි අයෙකු එවැන්නක් සිදු කිරීමට උත්සාහ ගතහොත් එකී අනීතික ක්‍රියාවට සම්බන්ධයෙන් එකී ප්‍රජාතන්ත්‍ර විරෝදී අයවලුන්ට විරුද්ධව නොබියව නීතිය ක්‍රියත්මක කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා ලෙසත් ඔබ වගකිව යුතු රාජ්‍ය සේවකයෙකු වශයෙනුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ තනතුරෙහි දියුරුම් දී තිබේ. යම් හෙයකින් ඔබ විසින් එවන් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියවකට නියමයෙන් හෝ අනියමින් සහයෝගය දැක්වුවහොත් නුදුරේදී බිහිවන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ඔබට සහ එයට සම්බන්ධ වන යුද හමුදා නිලධාරීන්ට විරුද්ධව මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධ වරද යටතේ චෝදනා ගොනු කොට දඩුවම් පැමිනවීමට ක්‍රියාමාර්ග ගන්නා බවටද මෙම ලිපියෙන් වැඩිදුරටත් ඔබට දන්වා සිටිමි.

මෙම ලිපියේ පිටපතක් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත මෙයින් යොමුකර සිටින අතර ඔබගේ දැඩි අවධානය මෙම නව තත්වය සම්බන්ධයෙන් යොමුකරන මෙන් ඉත කාරුනිකව ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,
ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements