Featured News

Video Gossip

Advertisement

සජ‌‌බේ හරින් - මනුෂ ඇතුලු නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙක් දිවුරුම් දෙති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ නව අමාත්‍යවරුන් පත්කර තිබේ. නව අමාත්‍යවරුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් මෙහිදී නව අමාත්‍යවරු වශයෙන් දිවුරුම් දීම කැපී පෙනෙයි.හිටපු ‌සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් එම තනතුරට පත්කර තිබේ. අද දිනයේදී අමාත්‍යවරුන් 9ක් පත්කර තිබේ. මේ අනුව මේ දක්වා දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් සංඛ්‍යාව 13කි. මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, කාංචන විජේසේකර, දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අමාත්‍යධුරවල දිවුරුම් දුන්හ.

නිමල් සිරිපාල සිල්වා – වරාය නාවික හා ගුවන් සේවා
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ටිරාන් අලස් – මහජන ආරක්ෂක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements