Advertisement

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය
හදිසි නීතියත් පනවයි

වහා ම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇති බව ය.

කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහා ම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

එමෙන් ම, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහන කරන රථවාහන අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරට ත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements