Advertisement

ගාලු මුවදොර අරගල භූමියේ දෙපිරිසක් අතර ගැටුමක් - 4කට තුවාල

ගාලු මුවදොර අරගල භූමියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 15, 16, 17 වියේ පසු වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අද (ජූලි 13) උදෑසන කාලයේදී තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ සිරුරෙහි කැපුම් තුවාල තිබූ බව එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.

Mawbima.lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements