Advertisement

නිමල් සිරිපාල  ද සිල්වා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජපාන සමාගමකින් අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements