Advertisement

අගමැතිකමට මෛත්‍රී, සජිත්, අනුර, කරු යෝජිතයි අලුත් ආණ්ඩුවක් ඒන ලකුණු

විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් පිළිබඳව එකඟතාවයක් සකස් කරමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.. 

එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයිද ඔහු පැවසීය.

පිහිටුවන්නේ අන්තර්වාර පාලනයක් ද එසේ නැතහොත් වෙනත් පාලන ක්‍රමයක් ද යන්න සාකච්ඡා වෙමින් පවතින බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් එම පාලනය යටතේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ව අධ්‍යයනය කරමින් සිටින බවත් කාලරාමුවක් සහිතව නව ආණ්ඩුව පවත්වාගෙන යාමට මූලික එකඟතාවයක් පළ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements