Advertisement

නව කැබිනට් මණ්ඩලය මේ සතියේ
තව 10 දෙනෙකුට ඇමතිකම් 
නාමල් රාජපක්ෂත් ඒ් අතර

මේ සතිය අවසන් වීමට පෙර නව කැබිනට් මණ්ඩලය නම් කිරීමට නියමිත බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.

දැනට සිටින කැබිනට් මණ්ඩලයට අමතර ඇමැතිවරුන් දස දෙනෙකු පමණ අලුතින් පත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාරවරු පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.පොදුජන පෙරමුණට ආණ්ඩුකාර ධූර පහක් ද, එජාපයට ආණ්ඩුකාර ධූර හතරක් ද හිමිවෙනු ඇතැයි ද දැනගන්නට තිබේ.

එජාපයෙන් පත් කරන්නට යන ආණ්ඩුකාරවරුන්ගෙන් තිදෙනෙකු අතර හිටපු මන්ත්‍රීවරුන් මෙන් ම ඇමතිවරු වෙති.

ලබන මාර්තු මාසයේදී පමණ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙර ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.

නාමල් රාජපක්ෂමහතාටත් අමාත්‍ය ධූරයක් හිමිවීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements