Featured News

Video Gossip

Advertisement

මහජන මුදල් අවභාවිතා කල ලංකා බැංකුවේ සභාපති වහා ඉවත් කරනු.
ලංකා බැංකු සේවකයෝ වීදි බසිති

ලංකා බැංකුවේ වත්මන් සභාපතිවරයා විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුල මහජන මුදල් අවභාවිතා කරමින් දූෂිත ක්‍රියා ගණනාවක් සිදුකර ඇති බවත් ඔහු එම ධූරයෙන් ඉවත් කර වහාම වෝහාරික විගණනයක් පවත්වා මහජන මුදල් සුරැකීමට කටයුතු කරන ලෙසටත් වගකිවයුතු පාර්ශව වලට බලකරමින් ලංකා බැංකු සේවක සංගමය විසින් අද දහවල් 12.30 සිට 1.30 දක්වා දැවැන්ත උද්ඝෝෂනයක් ලංකා බැංකුව ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර ඊට සමගාමීව කොළඹ නගරය පුරා පෝස්ටර් ව්‍යාපරයක්ද දියත් කර තිබුණි.

ලංකා බැංකුවේ සභාපතිවරයා විසින් සිදු කර ඇති දූෂිත ක්‍රියා පිළිඹඳ ලංකා බැංකු සේවක සංගමය විගණකාධිපතිතුමාට, අල්ලස් කොමිසමට,ශ්‍රී ලංකා මහ බැංකුවට, කම්කරු කොමසාරිස්තුමාට පැමිණිලි කර ඇති අතර කරුණු කීපයක් පිළිඹඳ  මේ වන විට ශේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීමද සිදු කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ නායකයින් ප්‍රකාශ කරන ලදී.

ඉහත කරුණු පිළිඹඳ පරික්ෂණ පැවැත්වූ රජයේ විගණකාධිපතිතුමා විසින්ද ඉහත කරුණු සහ තවත් බොහෝ කරුණු සම්බන්ධව   බැංකුව කටයුතු කර ඇති ආකාරය දෝෂ සහගත බව පැහැදිලිව එතුමාගේ වාර්ථා තුල දක්වා ඇති බවද ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවද අවස්ථාකීපයකදීම බැංකුව වෙත ලිඛිතව අවවාධ කිරීම් සහ නියෝග නිකුත් කිරීම්ද සිදු කර ඇත.මේ පිළිඹඳ පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා,අගමැතිවරයා,මුදල් ඇමතිවරයා ඇතුළු බලධාරීන් ලිඛතව දැනුවත් කිරීම් සිදු කර ඇති බවත් ඒ පිළිඹඳ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් කටයුතු නොකල බවත් වත්මන් ආර්ථික අර්බුධයට බැංකුවේ මෙම ක්‍රියාකාලාපයන් ප්‍රභල හේතුවක් වූ බවත් එම සංගමය පවසයි.වත්මන් ජනාධිපතිතුමාද,මහබැංකු අධිපතිතුමා ඇතුළු බලධාරීන්ද මේ වන විට දැනුවත් කිරීම් සිදු කර ඇති අතර මෙම සභාපතිවරයා වහාම ධූරයෙන් ඉවත් කර ඔහුගේ දූෂිත ක්‍රියා සම්බන්ධව වෝහාරික විගණනයක් පවත්වා මහජන මුදල් අවභාවිතා කිරීමට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස සියළුම බලධාරීන් වෙත බල කර සිටින බවත් ඒ දක්වා අඛණ්ඩව තම වෘතීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කර සිටී.එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන වෙතත් ලංකා බැංකුවේ සභාපතිවරයාගේ මෙම දූෂිත ක්‍රියාකලාපයන් පිළිඹඳ  වාර්ථා කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බව එම සංගමය ප්‍රකාශ කර සිටී

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements