අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කරයි | Al-Qaeda leader Ayman al-Zawahiri killed in US drone strike
Al-Qaeda
,
gossip
,
gossip lanka
,
gossip news
,
gossipmain
,
hot news
,
News
අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කරයි
ඔසාමා බින්ලාඩන්ගෙන් පසු අල්කයිඩා හි ජාත්‍යන්තර නායකයා වූ අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කළ බව ධවල මන්ධිරයේ සිට ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු තහවුරු කර තිබේ.
පසුගිය ඉරිදා (31) CIA සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්නුවර දී සිදුකරණ ලද මෙහෙයුමකදී ඔහු මියගොස් තිබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අයිමන් අල් සවාහිරි ඝාතනය වනවිට ඔහු 71 වන වියේ පසු වී ඇති අතර ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන විටත් ඔහු එම ආරක්ෂක නිවස්නයේ බැල්කනියක සිට ඇති අතර නිවසේ සිටි පවුලේ අනෙකුත් සාමාජිකයින්ට කිසිඳු හානියක් සිදු වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

