Featured News

Video Gossip

Advertisement

අරගලකරුවන් ජීවිත පූරා කල යුතුයි 
හමුදාව ජනතාවට පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි
ෆොන්සේකා‌ගෙන් සැර ප්‍රකාශයක්

ව්‍යවස්ථාවට අනුව අරගල කල නොහැකි බවත් ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවොත් එය කල යුතු බවත් එවිට එම පවුල් වල පිරිස එම ජිවිත පුජා කල අය වීරයන් සේ සමරනු ඇති බවද හෙතෙම කියා සිටී.

අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20-25ක් මිය යා හැකි බවත් එයින් අරගලය නවතින්නේ නැති බවත් ජාත්‍යන්තර මැදිහත් වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කල හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේ මැද පෙරදිග රටවල උදාහරණ ගෙන හැර දක්වමිනි.

එනිසා එවන් අණ පිලිනොපදින්න නැවතත් හමුදාවට අවධාරණය කර සිටින බවද පැවසූ ඔහු හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු බවත් ඔහු සදහන් කලේය.

අරගලය ඇතුලත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම් සිටින බවත් රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම් සිටින බවත් ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements