Featured News

Video Gossip

Advertisement

වැස්සකටවත් ඉස්කොලේ ගිය නැති අය කියලා නම් කියන්න එපා 
වගාවට බැස්ස දිනිති වල්ගම කියන කතාව

දිනිති වල්ගම කියන්නේ පුංචි තිරය ඔස්සේ අපිට නිතරම දැක බලා ගන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම ඇය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන කෙනෙක් වෙලා.ඒ ඇය වැඩසටහනකට පැමිණ කියූ දෙයක් ගැනයි. ඉතින් ඇය පිලිබදව ගොඩක් දෙනා විවේචනය කරන්න පටන් ගත්තා. 

ඒ කොහොම වුණත් ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඇය වෘත්තිමය ගුවන් සේවිකාවක් විදියටත් අතරේ තමයි කළා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු එක්ක සම්බන්ද වෙලා ඉන්නේ. එවැනි කාර්යභහුල ජිවිතයක් ගතකරන දිනිතිගේ සැබෑ ජිවිතයේ තොරතුරු ටිකක් මෙලෙසින් අරගෙන එන්නට අපි සිතුවා.

දිනිති මුලින්ම රංගනයට පැමිණෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුනු “හාර කෝටිය” ටෙලිනාට්‍ය හරහා. පළමු ටෙලිනාට්‍ය රංගනය තුලින්ම රටේම ආදර දිනාගන්නට තරම් ඇයට හැකියාව ලැබුනා. වාසනාවන්ත වුනා. ඉන් පස්සේ කළා නිර්මාණ බොහොමයක වගේම වෙළඳ දැන්වීම් වලත් දකින්නන ලැබුණු දිනිති. සිරස වොයිස් වැඩසටහන තුල නිවේදිකාවක් වශයෙනුත් දැකගන්න ලැබුනා.

ඒ විතරක් නෙවෙයි අපිට දැනගන්න ලැබුණු විදියට නම් දිනිතිව මුලින්ම රාජ්‍ය සම්මාන උළෙලකට නිර්දේෂා වෙලා තියෙන්නේ කුඩා කාලයේදීමයි. ඒ වයස අවුරුදු පහේදී පමණ, ඉන් පසුව වයස අවුරුදු හතක වනවිට පළමු රාජ්‍ය සම්මානය ඇයට ලැබෙනවා. උසස්පෙළ අධ්‍යාපනය දක්වා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන් ඉගනුම ලබා ඉන් පසුව බැංගලෝර් විශ්ව විද්‍යාලයකින් උපාදියක් ලබාගෙන තියනවා.

කලාක්ෂේත්රයේ වගේම අධ්‍යාපනය අතිනුත් ගොඩක් ඉහලටම ගිය කෙනෙක් ඇය. ඒ එක්කම පසුගිය කාලයක දිනිති ගැන වැඩි වැඩියෙන් කතාබහ වෙන්නට පටන් ගත්තේ පසුගිය දිනක වැඩසටහනකට සහභාගී වූ ඇයගෙන් නිවේදකයා අපූරු ප්රශ්නයක් විමසනු ලැබුවා එහිදී ඔහු දිනිති ගෙන් අසා සිටියේය ඇයගේ වැඩිමහල් සහෝදරයාගේ දරුවන්ට සැර කරන්නේ ඇයිදැයි යනුවෙනි.

මෙයට පිළිතුරු ඉදිරිපත් කරමින් දිනිති වල්ගමගේ කියා සිටියේ තමන් ඔවුන් දෙදෙනාට හරිම ආදරේ බවත් බබාලා අඬනවට තමන් කැමති නැති බවත් බබාලා හරි ඇත්තයි මෙන්ම ඔවුන් බොරුවට අඬන්නේ නැති බවත් තමන් දිනයෙක අම්මා කෙනෙකු වූ පසු තමන්ගේ දරුවන්ට කිසිම හේතුවක් නිසා අඩන්නට නොදෙන බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියා.

කොහොම නමුත් ඇය අනාගතය ගැන හිතන බව නම් ඇය ඊයේ සමාජ මධ්‍ය වෙත මුදා හැර තිබු විඩීයෝවකින් දැක ගන්නට ලැබුනා. එම වීඩියෝවට තිබුනේ ඇය එළවළු වගා කරන අයුරු සහ ඇය වගා කර තිබූ එලවලු නෙලන අයුරුත් අපට දැක ගන්නට ලැබුනා. ඉතින් එහි ඇය මේ විදිහේ අපුරු සටහනකුත් එකතු කර තිබුනා.අපි වවමු රට හදමු.තල වපුරන්නෝ තල නෙලති. වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති අය “තල කෝ” කියා comment කිරීමෙන් වලකින්න.

ඉතින් මේ කාලේ හැමෝම කතාවෙන වගාවට ඇයත් එකතු වෙලා වගෙයි. ඉතින් මේ විඩීයෝවට ඇයට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඉතින් හැමෝටම ආදර්ශයක් වෙමින් ඉදිරිය ගැන සිතන දිනිතිගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි හදවතින සුභ පතනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements