Featured News

Video Gossip

Advertisement

ලංකා බැංකුවේ සභාපති කාංචනගේ අවිධිමත් ගනුදෙනු පිළිබබඳ 
පරීක්ෂණ ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයේ විරෝධතා

පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදුකරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිඹඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය බලපෑම් කරයි.

1. මහජන මුදල් අවභාවිතාකරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රු.මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු කිරීම

2.හිටපු මහාකලමණාකරුවකු වෙත මිලියන 50 ක් වටිනා ජිප් රථයක් රු.ලක්ෂ 6 කට හිමිකරගැනීමට සැලැස්වීම

3.බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරන ලද සමාගමක රු මිලියන 100 ක බදු මුදල් වංචාවක් පිළිඹඳ සභාපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු වී ඇති අතර එම සමාගම ලංකා බැංකුව විසින් ලබා ගෙන ඇති මිලියන 350 කට ආසන්න ණය මුදල් අක්‍රිය අංශයේ පවතී.එසේ තිබියදී සභාපතිවරයා විසින් තවදුරටත් එම සමාගමට ලංකා බැංකුව හරහා ණය ලබා දීමට කටයුතු කර ඇත.

4.දේශපාලන හිතවතුන්ට අවිධිමත් ණය ගණනාවක් ලබාදීම ඇතුළු තවත් දූෂණ වංචා ගණනාවක් පිළිඹඳ ලංකා බැංකු සේවක සංගමය ඡෝදනා කරයි.

අද දින කොළඹ අවට සහ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ සභාපතිවරයාට එරෙහිව විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටද ලංකා බැංකු සේවක සංගමය කටයුතු කර ඇත.

ලංකා බැංකුවේ සභාපතිවරයාට රාජ්‍ය දේපල අවභාවිතාකිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ලංකා බැංකු සේවක සංගමය වගකිවයුත්තන් වෙත දැනුම් දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements