Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කෝටි ගණන් මුදල් වංචා  තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත් වූ ප‍්‍රකට හිමිනමකුත් ඉදලා

මුදල් ආයෝජනය සමාගමක් මවා පාමින්, WTC, 34 වැනි මහලේ, කාර්යාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක් CID විසින් (5දා) අත්අඩංගුවට ගෙන ඇත. CID අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ නම , තිළිණි ප්‍රියමාලි වෙයි. ඇය WTC .කාර්යාලයේ කුලිය ලෙස මාසිකව ලක්ෂ 16ක් ගෙවා ඇත. සැකකාර කාන්තාව දේශපාලනඥයන්, නළු නිළියන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාව ගිනි පසුගිය සමයේ රාජපක්ෂ පාලන සමඟ සමීප ගණුදෙනු කල නමගිය ආරක්ෂ සමාගමකින් අවි සහිත පෞද්ගලික ආරක්ෂකයන් තබා ගෙන අධි සුඛෝපභෝගි දිවිපෙවතක් ගතකර ඇති අතර රාජපක්ෂ පාලනය තුල මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට අවශ්‍ය රැකවරණය නොවඩුව ලැබී තිබේ. ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින් සමඟ සමීපව ගණුදෙනු පවත්වා ඇති මෙම යුවල එම සබදතා තම ව්‍යාපාර කටයුතු සදහාද යොදාගෙන තිබේ. 
මෙම කූඨ ව්‍යාපාරය සදහා දේශපාලනඥයෙකු මෙන්ම නළුවෙකු වන පුුුුුද්ගයෙකුද සම්බන්ද වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතී. ws

මේ අතර තමන්ගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස බලකරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500 ක මුදලක් ලබාගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එම ව්‍යාපාරිකයාගෙන් විමර්ශන නිලධාරීන් ඊයේ (07) ප්‍රකාශ ලබාගත් බව වාර්තා විය.

අවස්ථා තුනකදී ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති සැකකාරිය ඔහුට නැවත මුදල් ලබාදී නොමැති බව සඳහන් ය.

මේ අතර එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකට වෛදවරයෙකු කළ පැමිණිල්ලක් පදනම් කරගනිමිණි. කෙසේ වුවද අත් අඩංගුවට ගන්නා විට මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි ගණනාවක් පොලිස් පොත්වල තිබී ඇති නමුත් එවකට ආණ්ඩුවේ ඉහලම අයගේ බලපෑම මත ඒවා සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක වී නොමැත. මෙම කාන්තාව, ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම තනතුරක් දරණ ප්‍රකට චරිතයක් සමග සමීප ඇසුරක් පවත්වා ඇති අතර ආරක්ෂක අංශ වල ඉහලම නිළධාරීන් ගණනාවක් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කොට ඇත . එම සම්බන්ධකම් භාවිතාකර, ඇයට එරෙහි පැමිණිලි ශූක්ෂමව යටපත් කොට ඇත.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව ඇය වංචා කොට ඇති මුදල මිලියන 4000කට ආසන්න බව හෙළිවී ඇත. වංචාවන්ට ලක්වූ පුද්ගලයන් අතර කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෘත්තීකයන් ඇතුළු විශාල පිරිසක් වෙයි.

තවද මුදල් ලබා දුන් ප්‍රභූන් සමග ලිංගික සම්බන්ධතා පවත්වා, එම ජවනිකා උපයෝගි කරගනිමින් ප්‍රභූන් බ්ලැක් මේල් කොට ඇති බවද හෙළි වී ඇත.මේවා සම්බන්ධව සියළු සාක්ෂි අප වෙතද ලැබී ඇත

මෙම ජාවාරමට ඇයගේ සහකරු ලෙස පෙනී සිටින ඉසුරු ශම්මික බණ්ඩාර යන අයද සම්බන්ධ බව පරීක්ෂණ වලදි හෙළිවී ඇත. මොහු 2020 වසරෙදී වැලිගම පිහිටි මද්‍රසා පාසැලකින් කිසියම් සහතියයක් ලබා ගෙන ඇති අතර එය BAඋපාධියක් ලෙස වරනගා ඇත. ඊනියා උපාධි කඩය CCAS Campus, 217 Koledanda Rd, Weligama නම් වෙයි. ඉන් පසු 2021 වසරේ සිට, ආචාර්ය උපාධිධාරියෙකු ලෙස පෙනී සිටියි.

මෙම යුවල එක් ‍රැයකින් ප්‍රකෝටිපතියන් බවට පත්වූ අය වෙයි. නමුත් මුදල් විශුෂ්ධිකරණය යටතේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත.තවද පොලිසිය භාර අමාතංශය විසින් කොළඹ ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමි‍ටු පිහි‍ටුවීමේ උත්සව සදහා මෙම තක්කඩි කාන්තාව ප්‍රධාන ආරධිතයෙකු ලෙස ගෙන්වා ඇත.මෙවැනි සිදුවීම හරහා ලංකාවේ විමර්ශන ආයතන මොන තරම් අකාර්ෂක්ෂමද යන්න පැහැදිලි කරයි

එමෙන්ම කඩවත ප්‍රදේශයේ වෙසෙන, රහත් වී ඇතැයි පවසන භික්ෂුවකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සැකකාරිය සමග පැවැත්වූ හිතවත්කමක් හේතුවෙනි.

රහත් වී ඇති බව කියන එම භික්ෂුව සතුව රත්‍රං ඇතැයි පවසමින් සැකකාරිය එම ස්ථානයට ව්‍යාපාරිකයින් රැගෙන ගොස් රවටා මුදල් ලබාගෙන ඇති බව වාර්තා විය.

එමෙන්ම පසුගිය කාලයේ රටේ දැඩි කතාබහට ලක් වූ භික්ෂුවක් ද සිය අධි සුඛෝපභෝගී ජීප් රථය සැකකාරිය වෙත හිතවත් කම මත ලබාදී ඇති අතර පසුව ඇය එය රුපියල් කෝටි 3කට වෙනත් අයෙකුට අලෙවි කර තිබූ බව හෙළිවී තිබේ.

උන්වහන්සේ ඇයගෙන් ඊට අදාළ මුදල් ලබාගෙන ඇත්තේ දැඩි ප්‍රයත්නයකින් පසුව බව විමර්ශන නිලධාරීන් පැවසීය.

රුපියල් මිලියන 226කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන්, තිළිණි ප්‍රියමාලි නම් සැකකාරිය මේ වන විට රිමාන්ඩ් කර සිටී.

gossip lanka , gossip lanka hot news, gosip ne

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook