Advertisement

ශ‍්‍රී ලංකාව ගැන IMF වෙතින් දුක හිතෙන කතාවක් 

ශ්‍රී ලංකාව බරපතළ ආහාර අර්බුදයක ගිලී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ද කුසගින්නේ පෙළෙන රටවල් අතරට ඇතුළත් කරමින් ලෝක ආහාර වැඩසටහන නිකුත් කර වාර්තාවක්ද උපුටා දක්වමින් එම අරමුදල මේ බව පවසයි.

සැප්තැම්බර් මාසයේ නිකුත් කර ඇති මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මේ වසරේ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 19ක් ආරක්ෂක ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් පිරිහී යනු ඇති බවයි.

ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, නයිජීරියාව, දකුණු සුඩානය, සෝමාලියාව, යේමනය ඇතුළත් වන උග්‍ර ආහාර අනාරක්ෂිතතාවය සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වීමේ ඉහල අවදානමක් ඇති බවද මූල්‍ය අරමුදල තව දුරටත් කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements