Featured News

Video Gossip

Advertisement

තිළිණි  ප්‍රියමාලිට සල්ලි එකතු කරන්න රහත් වී ඇතැයි කියන  
සිරිසුමන හිමි දැමූ උප්පරවැට්ටි CIDය හෙළි කරයි

සැකකාර තිළිණි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 750ක මුදලක් වංචා සිදු කිරීම සඳහා ඇයට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (නොවැ. 2) නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (නොවැ. 1) අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමි අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.මෙම හිමිනම විසින් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබ ඇති පැමිණිලිකරුගෙන් නිවස වෙත ගොස් යම්කිසි ආරූඪයකින් පේන කියන්නෙක් ලෙසට කටයුතු කරමින් පැමිණිලිකරුට සැකකාර තිළිණි ප්‍රියමාලි වෙත මුදල් ලබා දීම සඳහා පෙළඹවීමක් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
පැමිණිලිකරු රුපියල් මිලියන 750ක මුදලක් 2021 වසරේ සිට ම සැකකාරිය වෙත ලංකාවේ ප්‍රසිද්ධ සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ලබා දී ඇති අතර එම මුදල් ඔහු සතු වාහන හතක්, ඉඩම් දේපළ හා ඔහුගේ ස්ථාවර තැන්පතු විකුණා ලබාගත් මුදල් බවට පැමිණිල්ලේ සඳහන් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ ය.

මෙම සැකකාර හිමි නම අගතියට පත් පැමිණිලිකරුගෙන් නිවස වෙත ගොස් ආරූඪ වේශයක් මවාගෙන පූජා පවත්වා සැකකාර තිළිණි ප්‍රියමාලි වෙත මුදල් ලබා දෙන ලෙසට මානසිකව බලපෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේ ම, සැකකාර හිමි නම තමා පේන කියන්නෙකු ලෙස හඳුන්වා දෙමින් සැකකාරිය වන තිළිණි ප්‍රියමාලි හා පැමිණිලිකරු අතර සිදුවන ගනුදෙනු හා සිදුවීම් පැමිණිලිකරුගෙ නිවසට ගොස් තමා ආරූඪයෙන් දුටුවා යැයි සඳහන් කරමින් පවසා නොමග යවා ඇති බව ද එසේ ම මෙම හිමිනම ලක්ෂ ගණන් වටිනා සුවඳ විලවුන් මෙන් ම මුදල් ද පැමිණිලිකරුගෙන් ලබාගෙන පරිහරණය කර ඇති බව ද අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

“ස්වාමීන් වහන්සේ කුමක් ද මේ සිදු කරන්නේ?” යැයි එහිදී සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඡායාරූපයක් පෙන්වමින් මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ය.

එහිදී විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමිනම සැකකාර තිළිණි ප්‍රියමාලි හා පැමිණිලිකරු අතර ව්‍යාපාර කටයුතු සඳහා ආශිර්වාද කිරීමට ගිය බව ත් ඔවුන්ගේ මුදල්වලට ද එම අවස්ථාවේදී ආශිර්වාදය ලබා දුන් බව ත් ය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements