මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තවත් කුමන්ත්‍රණයක
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තවත් කුමන්ත්‍රණයක
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අඩාල කිරිම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටින අතර ඒ වෙනුවෙන් නාමයෝජනා බාරගෙන එම මැතිවරණය මාස 06කට කල්දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව හෙළි කර තිබේ.
පසුගිය සති අන්තයේ පුවත් පත් ගණනාවක මෙයට අදාල විවිධ තොරතුරු හෙළිකර තිබූ අතර විශේෂයෙන් ඉරිදා දිවයින පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මෙයට අදාල කරුණු ගණනාවක් හෙළි කර තිබිණි.
ජනවාරි මස 23 වෙනි දින සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධා ඇතිවිය හැකි බව දක්වමින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සාකච්චා කරමින් සිටින බව හෙළි කර ඇත. එසේම මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමා ඉක්මයාම, පළාත් පාලන මැතිවරණයට මුදල් සොයාගැනීමේ අපහසුව යනාදී කරුණුද ඉදිරිපත් කිරීමට නියමිත බව එමගින් හෙළිකර ඇත.
මේ අතර රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් එක් පිලකින් තරඟ කිරීමට සූදානම් වන අතර ඒ සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහාද මැතිවරණයේ කල් දැමීම සිදු කරන බව වෙනත් මාධ්‍යවලින් හෙළි කර තිබිණි.