Advertisement

සේමිණි 10,000යි ද? අපෝ වැඩියි
අර පන්දාහකට අරයා ඉන්නේ එයාව ගන්න
අපි නිකම් භාණ්ඩ වෙලා - සේමිණි


සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක්.ඒ තරමටම ඇගේ සුවිශේෂී වූ තාත්වික රංගනය නිසා ම බොහෝ සිනමා නිර්මාණවල මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණ තුළද ඇයගේ රංගන හැකියාව අපට දැකබලා ගන්නට පුළුවන්.

වෙනස් ආකාරයේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වෙද්දි විශාල රසික රසිකාවියන් පිරිසකගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගෙන සිටිනවා.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකට තුඩුදුන් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කළා යැයි කියන තිළිණි ප්‍රියමාලිගේ සිදුවීමේදී කතාබහට ලක්වුණු අනෙක් චරිත අතර සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රධාන තැනක් ගන්නවා.

එම ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවෙන් අනතුරුව සේමිණී කලා පුවත්පතකට වර්තමාන කලාව ගැන සහ ඇගේ පෞද්ගලික තොරතුරු ගැන මෙසේ කියා තිබුනා.

"ඇත්තටම අද මේ ක්ෂේත්‍රය ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අපි මේකට ආවේ ඒ අරමුණ ඇතිවම නොවේ. ඉස්සරත් නිර්මාණයක් කෙරුණේ ආර්ථික වාසියක් බලාගෙන තමයි. නමුත් ඔවුන් ඊට සාපේක්ෂව නිර්මාණයේ ගුණාත්මක භාවය ආරක්ෂා කළා. දැන් අද නිර්මාණයේ ගුණාත්මක භාවය ගැන හිතන්නෙම නෑ. නළු නිළියන්ගේ වෘත්තීය ගෞරවයක් නෑ. අපි නිකම් භාණ්ඩ බවට පත්වෙලා. 

සේමිණි 10,000යි ද? අපෝ වැඩියි. අර පන්දාහකට අරයා ඉන්නේ එයාව ගන්න වගේ තත්ත්වයකට මේක ගිහින් තියෙන්නේ. එක හරිම අපරාධයක්. හැබැයි මේ විදියේ එක තැන පල් නොවී ඉන්න පුළුවන් පිරිසකුත් අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් මේක වෘත්තිය විදියට කරන අයට මේකෙන් ඉවතට පනින්න බෑ. පවුල රකින්න ඒ තුළ ඉන්න ඕන. නමුත් මම මේක වෘත්තියක් හැටියට කරන්නේ නෑ.

මම ව්‍යාපාරයක් කරනවා. මගේ සැමියා රැකියාවක් කරනවා. මට හොඳ පවුලක් තියෙනවා. ඒ නිසා මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. මේ කාලෙම මට මගේ කියලා සල්ලියක් නෑ. ධම්මික තමයි මාව බලාගන්නේ.’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements