ඉම්රාන් ඛාන්ගේ කාන්තාවන් දෙදෙනෙකු සමග කළ ඇමතුම් දෙකක් වටේ යයි
gossip
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
,
sex calls
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ පාර්ශවය සඳහන් කර ඇත්තේ, අදාළ හඬපට ව්‍යාජ ඒවා බව ත් එය ඉම්රාන් ඛාන්ගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් බව ත් ය.
පකිස්තාන ජනමාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් අදාළ හඬ පට සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර ඒවා තදුරටත් එම නාලිකාවේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“ඉම්රාන් ඛාන් ලෙස බොහෝ දෙනෙකුට පෙනී ඉන්න පුළුවන්. මේ ඔවුන්ගෙන් එක් අයෙකු විය හැකියි. මේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවක් ලබා ගෙන නැහැ,” සයිඩ් අලි හයිඩර් ප්‍රකාශ කර තිබේ.
වාර්තා අනුව, ඉන් එක් හඬ පටයක් 2008 වසරේ සැප්තැම්බර් මාසය දක්වා දිවෙන පරණ හඬ පටයක් වන අතර එහි මුෂාරෆ් යනාදීන් ගැන සඳහන් කළ බව සංවාදයෙන් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අනෙක් හඬ පටය මෑතකාලීන එකක් යැයි විශ්වාස කෙරෙන අතර එහි නිර්නාමික කාන්තාවක ඇගේ “රහසිගත ප්‍රදේශවල ඇති වේදනාවක්” සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.
ඉම්රාන් ඛාන් ඔහුගේ පවුලේ අය සහ දරුවන් පැමිණෙන බවට හැඟවෙන ප්‍රකාශයක් කරමින්, ඇයට ඒ පිළිබඳව දැන ගැනීමට සලස්වා දෙදෙනා ඊළඟ දිනයේ හමුවීමට සැලසුම් කර ඇති බව ද එහි සඳහන් යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.

