Featured News

Video Gossip

Advertisement

මහ බැංකු අධිපතිගේ ක්‍රියාකලාපය ගැටළුවක් 
මහබැංකු වෘතීය සමිති  සටනට සැරසේ.

මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය රටේ බැංකු පද්ධතියේ පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛා සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන මහතා ප්‍රකාශ කරසිටී.

පොලීඅනුපාත ඉතා ඉහල අගයක දිගින් දිගටම පවත්වාගෙන යාම තුල රටේ ආර්ථික ක්‍රියාවලිය හැකිලී ඇති බවත් ඒ හේතුවෙන් බැංකු වලින් ණය ලබාගත් පිරිස් එම ණය ගෙවීම් විශාල වශයෙන් පැහැර හැරීමේ අවධානමක් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

මහ බැංකු අධිපතිවරයා විසින් උද්ධමනය අඩුවී ඇති බව ප්‍රකාශ කලද මහපොලොවේ  ප්‍රායෝගිකව එවැනි තත්වයක් පෙනෙන්නට නැතැයි ඒ මහතා ප්‍රකාශ කර කරන ලදී.එමෙන්ම නැවතවතාවක් ඩොලරයේ අගය කෘතිමව පාලනය කරගෙන සිටින බවද මෙය ඉදිරි කාලයේදී රට දරුණු අර්බුධයකට ඇද දමන ක්‍රියාවලියක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.තවද මහ බැංකු අධිපතිවරයාගේ මාස 8 ක වැනි කලයතුල වැඩිම මුදල් මුද්‍රණය සිදු වී ඇති අතර එවැනි තත්වයක උද්ධමනය අඩුවන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටී.

මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාමික නිලධාරියෙක් වන අතර ඔහු මේ සිදුකරගෙන යන්නේ අර්බුදය නිර්මාණය කර රටේ සම්පත් විකුණා දැමීමේ වැඩපිලිවලක් ද යන්න පිළිඹඳ ගැටලුවක් පවතින බවත් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව මහ බැංකු සේවකයින් පවා වෘතීය සමිතික්‍රියා මාර්ග වලට එලඹී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.මහබැංකුවේ ක්‍රියත්මක වන ප්‍රධානතම වෘතීය සමිතිය වන මහ බැංකු සේවක සංගමය විසින් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපයන් පිළිඹඳ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු එම තනතුරට සුදුසු නොමැති බවද ප්‍රකාශ කර ඇත.එමෙන්ම වෘතිකයන්ගේ ජාතික පෙරමුණ විසින් කතා නායකවරයා වෙත ලිපියක් යොමුකරමින් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිඹඳ පරීක්ෂණයක් පවතවන ලෙසද ඉල්ලීමක් කර ඇත.

මහබැංකුවේ ප්‍රධානතම වෘතීය සමිති සියල්ල එක්ව ඒකාබද්ධ විවරණිකාවක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කොට ඇත.මෙම වෘතීය සමිතිවලට ඇති වෘතීය සමිති හිමිකම් පවා නොතකමින් එම වෘතීය සමිති මර්දනය කිරීමේ උත්සාහයකද මහ බැංකු අධිපතිවරයා නියැලෙන බව වාර්ථා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements